ශ්රී ලාංකේය කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට හුරු කරන බවට ජනපති අවධාරණය කරයි.
එමෙන් ම රජයක් වශයේ කාබනික පොහොර ලබා දිම සහ සහනාධාර ලබා දීම සම්පූර්ණයෙන් ම කාබනික පොහොර ගොවිතැන සඳහා පමණක් ලබා දීමට රජය ස්ථාවර වශයෙන් කටයුතු කරයි.
රසායනික පොහොර මාෆියා හඳුනාගෙන එය පරදා කාබනික පොහොර ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ යුතු බව ද ජනපති අවධාරණය කර ඇත.
අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති මහා කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනපති මේ පිළිබඳව සසඳහන් කර ඇත.