බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය සැකකරුවෙකු සොයා උඩුගම පොලිසිය විමර්ශන සිදු කරන බව වාර්තා වේ .
ගාල්ල බන්ධනාගාරයේ සිට උඩුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආ අවස්ථාවේදී මහේස්ත්රාත් අධිකරණයේ සිරමැදිරිය වෙත යොමු කිරීමට යාමේදී සැකකරු මෙලෙස පලාගොස්
තිබේ.
නිවෙසක් බිඳ මුදල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි මෙම පලාගිය රැඳවියා තිස් දෙහැවිරිදි අයෙකු බව සඳහන් .