ගාල්ල බන්ධනාගාරයේ වැඩිම ජංගම දුරකතන ප්රමාණයක් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයෙකු නාඳුනන කණ්ඩායමකගේ ප්රහාරයකට ලක්ව තුවාල ලබා ප්රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ .
මෙම නියාමකවරයා කිරින්ද පුහුල්වැල්ල ප්රදේශයේ පදිංචි අයෙක් වන අතර මොහු සිය සේවා මුරය අවසන් කර නිවස වෙත බස් රථයෙන් ගමන් කරමින් සිටියදී වැලිගම නගරයේ දී බස් රථය තුළට පැමිණි කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන් .
එලෙස පහකට දීමට පැමිණි පිරිස අතුරින් එක් අයෙකු ටී 56 ගිනි අවියක් සඟවාගෙන ගෙනැවිත් ඇති අතර බස් රථයේ සිටි මගීන්ගේ විරෝධතාවය දැක්වීම හේතුවෙන් එම ගිනි අවිය ක්රියාත්මක කර නොමැති බව පොලිසිය වැඩි දුරටත් අනාවරණය කර තිබේ .
පහරකෑමට ලක්වූ නියාමකවරයා ගාල්ල බන්ධනාගාරය තුළ තිබූ ජංගම දුරකථන පනහකට අධික ප්රමාණයක් ඔහු භාරයට ගෙන නීතිමය කටයුතුවලට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ .
පහරදීමට සම්බන්ධ පුද්ගලයන් සොයා වැලිගම පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරමින් පවතී.