පාර්ලිමේන්තු මාර්ගයේ පොල්දූව හන්දියේ ආරක්ෂක රාජකාරි සඳහා යොදාගත් යකඩ බට තොගයක් සොරකම් කිරීමක් සම්බන්ධව යුධ හමුදා ඉංජිනේරු බලකායෙන් වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
අරගල සමයේ යුධ හමුදා මූලස්ථානය මගින් ආරක්ෂාව තර කිරීම උදෙසා මෙම යකඩ බට රජමල්වත්ත පන්සල ඉදිරිපිටට ගෙනැවිත් තිබෙන බවට පොලීසිය ප්රකාශ කර තිබේ.
සොරාගත් බව කියන යකඩ බට ඇතුළු අනෙකුත් කොටස් වල වටිනාකම රුපියල් ලක්ෂ 11 ක් ඉක්මවන බවද අනාවරණය වී ඇති බව සදහන්.
මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු වැලිකඩ පොලිසියෙන් සිදුකරන බව සදහන්.