PT ගුවන් යානා කඩා වැටීම හේතුවෙන් මේ වන විට නියමුවන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් , මෙම ගුවන් යානා නිෂ්පාදනය කර ඇත්තේ 1958 දී බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම මෙම පැරණි ගුවන් යානා පුහුණු කටයුතු සඳහා යොදා ගැනීම කනගාටුවට කරුණක් බවත් , එසේ තිබියදීත් මෙම ගුවන් යානා තවමත් පුහුණු කටයුතු සඳහා යොදා ගන්නේ ඇයි දැයි ඔහු පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ බව සඳහන්.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
” කෆීර් ප්‍රහාරක ජෙට් යානාවල අලුත්වැඩියා කටයුතු සඳහා රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 55 ක් වැය කර තියෙනවා. නමුත් PT – 6 ගුවන් යානය සඳහා වැය කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 0.75 ක් පමණයි . මෙම අසාධාරණ හා කනගාටුදායක සිදුවීම්වල වගකීම භාර ගන්නේ කවුද ? “