රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ නගර සභා කාර්යාල සහයකවරුන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙම සැකකරුවන් දෙදෙනා පරිගණක දත්ත වෙනස් කරමින් මෙලෙස මුදල් වංචාව සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්මුණේ මහ නගර සභාවේ සේවය කරන කාර්යාල සහායකවරුන් දෙදෙනෙකි.
මොවුන් වංචා කළ මුදල රුපියල් මිලියන 18ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර තිබේ .