ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හඳුනාගන්නා ලද ඔමික්‍රෝන් කොවිඩ් නව ප්‍රභේදය සම්බන්ධයෙන් අග්නිදිග ආසියාතික රටවලට දැනුම්දීමක් සිදු කර ඇත.
මේ වන විට ලෝකයේ රටවල් කිහිපයක් තුළින් ම මෙම නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන් හඳුනාගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන්, සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසි අයුරින් පිළිපදිමින් පසුවන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආසියා – පැසිෆික් කලාපයේ රටවලට දැනුම් දී ඇත.
එමෙන් ම එන්නත්කරණ ක්‍රියාවලිය ද ඉහළ නංවමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් තවදුරටත් දැඩි කරන ලෙසට ඔවුන් අනතුරු අඟවා ඇත.
ආසියා – පැසිෆික් කලාපයේ බොහෝ රටවල මේ වන විට කොවිඩ් ව්‍යාප්තිය පාලනය වී පැවතිය ද මෙම නව ප්‍රභේදය සමග තවදුරටත් ඊට එරෙහි ආරක්ෂාවක් තහවුරු කරගත යුතු බවයි පෙන්වා දෙන්නේ.