ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ විසින් ඔහුගේ නොවිසඳුණු විදුලි බිල සම්බන්ධයෙන් විමසා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත යැවූ ලිපියට පිළිතුරු වශයෙන් පැහැදිලි කිරීමේ ලිපියක් විදුලිබල මණ්ඩලය නාමල් රාජපක්ෂ වෙත යැවීමට නියමිත බව විදුලිබල මණ්ඩලය සඳහන් කර තිබෙන බව වාර්තා වේ .
රුපියල් මිලියන 2.6ක නොගෙවූ විදුලි බිලක් පිළිබඳව පැතිරී යන කතාවට ප්රතිචාර වශයෙන්, මන්ත්රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා වෙත යවන ලද ලිපියේ, එම චෝදනා අපහාසාත්මක සහ හෙළාදැකීමක් ලෙස ප්රතික්ෂේප කර තිබෙන අතර තම නමින් හෝ තම පියාගේ නමින් එවැනි කිසිඳු බිලක් තමන්ට ලැබී නොමැති බවත්, එබැවින් මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය වහා පැහැදිලි කිරීමක් කළ යුතු බවත් එම ලිපියේ සඳහන් කර තිබූ බව වාර්තා වේ .
නමුත් මන්ත්රීවරයා විසින් එවැන්නක් ඉල්ලා ඇති බැවින්, අදාළ ලිපි ලේඛන පරීක්ෂා කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ ලිපියක් ඉදිරියේදී යොමු කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ප්රකාශ කර තිබේ .
.