ෆේස්බුක් මැසෙන්ජර් විසින් ජංගම දුරකථන අංකයට පැමිණෙන කෙටි පණිවිඩ සඳහා සහය ලබාදීම නතර කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව මෙම පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසයේ 28 වන දින සිට ඉවත්කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2016 වර්ෂයේදී මෙටා සහ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් ඒකාබද්ධ කිරීම සඳහා මෙම පහසුකම හඳුන්වා දී තිබුණි.
ඒ අනුව එස්.එම්.එස් පණිවිඩ දම් පාටින් සහ මැසෙන්ජර් පණිවිඩ නිල් පැහැයෙන් පෙන්වීම සිදුකෙරුණි.