පිරමීඩ යෝජනා ක්රමවලට සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් , එවැනි පිරමීඩ යෝජනා ක්රමවලට සෘජුව හෝ වක්රව සම්බන්ධවීම වරදක් බවත් ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .
එසේම ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් ප්රකාශ කර තිබෙන්නේ පිරමීඩ යෝජනා ක්රම පිළිබඳව අවධානයෙන් සිටීමට මහජනතාවට උපදෙස් ලබා දෙන බවත් , MTFE SL Group ආයතනය සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් , අදාළ ආයතනයේ ක්රියාකාරකම් තහනම් පිරමීඩ යෝජනා ක්රම යටතට වැටෙන බවට විශ්වාස කළ හැකි කරුණු අනාවරණ වෙමින් පවතින බවත් පිරමීඩ යෝජනා ක්රම ශ්රී ලංකා නීතිය යටතේ නීති විරෝධී ක්රියාවන් බවට ජනතාව වෙත අනතුරු අඟවමින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.