ගැටුමකට පැමිණි මරදාන සහිරා විදුහලේ පාසල් සිසුන් දහනම දෙනෙකු හා සිවිල් පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය හත්වැනි දා මරදාන සහිරා විද්‍යාලය හා බොරැල්ල වෙස්ලි විද්‍යාලය අතර වැල්ලවත්ත කුරේ ක්‍රිඩාංගනයේ දි පවත්වන ලද පාපන්දු තරඟය අතරතුරදී ඇතිවූ ගැටුමට අදාලව නැවතත් ගැටුමක් ඇති කර ගැනීමට මෙම පිරිස බොරැල්ල ප්‍රදේශයට පැමිණ ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සිසුන් දහනම දෙනාගෙන් දහදෙනකු බාලවයස්කාර සිසුන් වන බැවින් ඔවුන් පොලිස් ඇප මත මුදාහැරීමට පොලිසිය කටයුතු කර තිබුණි.
ඉතිරි සිසුන් නමදෙනා හා සිවිල් පුද්ගලයා විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අද (12) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.