නාවික හමුදාව කල්පිටිය කළපුවේ මට්ටතිව් දූපත අසළ මුහුදු ප්රදේශයේ ඊයේ (11) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම කළපුව ඔස්සේ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩිකොළ කිලෝග්රෑම් 551ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්රා 2ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
වයඹ නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් මෙම ඩිංගි යාත්රා දෙක පරීක්ෂා කර ඇති අතර, එහිදී උර 21ක අසුරන ලද මෙම බීඩිකොළ තොගය සොයාගෙන තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 17ත් 27ත් අතර වයසේ පසුවන කල්පිටිය ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව තිබෙන බව වැඩි දුරටත් වාර්තා වේ .