ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් මාලාවක් සමාලෝචනය කර ඇති අතර, මහජන පෙළපාලි හේතුවෙන් ප්‍රවේශම් වීමේ අවශ්‍යතාවය පවත්වා ගැනීමට තීරණය කර තිබේ . ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා තම උපදෙස් සමාලෝචනය කළ නමුත්, උපදෙස් මට්ටම වෙනස් කර නොමැති බව ඕස්ට්‍රේලියානු රජය සඳහන් කර තිබෙන බව වාර්තා වේ .
එමෙන්ම ශ්‍රී ලංකාව පුරා මහජන පෙළපාලි ඇතිවිය හැකි අතර ඒවා ප්‍රචණ්ඩකාරී විය හැකි බවත් , පෙළපාලිවලින් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට යෑමෙන් වළකින ලෙසත් ඕස්ට්‍රේලියාව සිය රටවැසියන්ට දැනුම්දී තිබේ .
ඕස්ට්‍රේලියානු රජය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ පෙළපාලි හේතුවෙන් ගමනාගමනයට සහ පොදු ප්‍රවාහනයට බාධා ඇති විය හැකි බවත් , පොදු හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කළ හැකි බවත්, කෙටි දැනුම්දීමකින් ඇඳිරි නීතිය පැනවිය හැකි බවත්, ශ්‍රී ලංකාවේ ඇතැම් ආනයනික ආහාර සහ ඖෂධ වල හිඟයක් පවතින බවත් ය.
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත්, විදේශිකයන් සහ සංචාරකයන් පැමිණෙන ප්‍රදේශ ත්රස්තවාදීන් විසින් ඉලක්ක කළ හැකි බවටත් ඕස්ට්‍රේලියානු රජය තම රටවැසියන් හට දැනුම් දී ඇති බව සඳහන් .
ඔවුන් තව දුරටත් ප්‍රකාශ කරන්නේ ක්‍රෙඩිට් කාඩ් වංචාව, අධික මිල ගණන් සහ ව්‍යාජ භාණ්ඩ ඇතුළු වංචා බහුලව සිදුවන බවත් , ලිංගික අතවර, හිරිහැර සහ මංකොල්ලකෑම් ඇතුළු අපරාධ සිදුවිය හැකි බවත් ය.