බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හංදිය අසල දී අද (14) අලුයම බස්රථයක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
පොලීසිය නිවේදනය කළේ කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරි රථයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ සිට ඇති අතර, ඉන් තුවාල ලැබු කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.
බස් රථය විදුලි පහන් සංඥා නොතකා ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි දැනට සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ බම්බලපිටිය පොලීසිය විසින් සිදුකරනු ලබයි.