සංශෝධනය කරන ලද නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව එළිමහනේ පවත්වනු ලබන මංගල උත්සව සඳහා මීට පෙර පැවති 150 සංඛ්‍යාවේ සිට 250 දක්වා ලිහිල් කර ඇත.
එමෙන් ම ශාලාවල පැවැත්වෙන මංගල උත්සව සඳහා මීට පෙර දී සහභාගී විය හැකි වූයේ උපරිම පිරිස 150ක් වන අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව උත්සව ශාලාවේ ධාරීතාවයෙන් තුනෙන් එකක් හෝ උපරිම 200කට සහභාගී වීමේ අවසරය ලැබී ඇත.
කෙසේ නමුත් මත්පැන් භාවිතයට අවසර ලබා නොදෙයි.
තවද පැවති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සිනමා ශාලාවල පැවති 50% ධාරිතාවය 75%ක් දක්වා වැඩි කිරීමට අවසර ලබා දී ඇත.
එසේ ම මරණයක් සිදු වූ අවස්ථාවක මළ සිරුර නිදහස් කර පැය 24ක් ඇතුළත එහි අවසන් කටයුතු ද සිදු කළ යුතු බවත් මරණ ගෙදර එක් අවස්ථාවකට සිටිය හැක්කේ 20ක් පමණ පිරිසකට පමණක් බවත් , නව මාර්ගෝපදේශයන්හි දැක් වේ.