ඌව පරණගම ,රතඹ,දියකොලආරාව අමුණේ දිය නෑමට ගිය තරුණයෙක් ඊයේ (13) පස්වරුවේ දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය ,කඳපොල ප්රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.
තම සොහොයුරියගේ නිවසට පැමිණ ඇති තරුණයා ඔහුගේ ඥාතී සොහොයුරෙකු සමඟ මෙම අමුණේ දිය නෑමට ගොස් සිටියදී දියවළකට පැනීමෙන් පසු දියේ ගිලී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
දියේ ගිලුණු තරුණයා ගොඩට ගෙන ඌව පරණගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර ඔහු ඒ වනවිටත් මියගොස් සිටි බව වාර්තා වේ.
මියගිය තරුණයාගේ මළ සිරුර මේ වනවිට ඌව පරණගම රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ.