අද (01) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම,බස්නාහිර,වයඹ සහ ඌව යන පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් සබරගමුව සහ මධ්‍යම පළාත් තුළත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක තුළත් මි.මී.50 ඉක්මවූ වැසි තත්ත්ව ඇති විය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශයන්ට වැසි රහිත කාලගුණයක් පෙන්නුම් කරන බවත් කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා ඇත.
එමෙන් ම මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවත් මෙම තද වැසි හේතුවෙන් ඇති වන තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.