නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කළ ව්‍යාපෘති 11 ක් රජයේ ආයතන අතර පවතින ගැටලු හේතුවෙන් නවතා දමා ඇතැයි, අනාවරණය වී තිබේ.
ඒ, පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධන ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී ය.
එම ව්‍යාපෘති 11 සඳහා රුපියල් මිලියන 2531 කට ආසන්න මුදලක් වියදම් කර ඇති බවට එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු පෙන්වා දෙන්නේ, එම ව්‍යාපෘති අතර මග නවතා දැමීම හේතුවෙන් මෙරට ජනතාවට එහි ප්රතිලාභ අහිමි වී ඇති බවයි.