මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා විදුලි ආලෝකය ලබාදීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට වැයවන සම්පූර්ණ මුදල රජය විසින් දැරීමට තීරණය කර ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
පෙරහැර වීදී සංචාරය කරන දින 10ට අදාළව විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී දළදා මාළිගාවට සහ සතර මහා දේවාල සඳහා ඇස්තමේන්තු විදුලි බිලක් ඉදිරිපත් කර ඇති අතර එය ගෙවිය නොහැකී යැයි සතර මහා දේවාල බස්නායක නිළමේවරුන් සඳහන් කළ බව මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සංවිධාන කටයුතු පිළිබඳ පැවැති සාකච්ඡාවකදී දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ .
වාර්තා වන ආකාරයට පෙරහැර මංගල්‍යය සඳහා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ආලෝකය ලබාදීම සඳහා ඇස්තමේන්තු ගත කර තිබූ මුදල රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂ අනූනව දහසකි.
මීට පෙර ඒ ආකාර ඇස්තමේන්තුවක් දේවාලවලට නොලැබුණු බව බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ සභාපති මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර ප්‍රකාශ කළ අතර විදුලි බල මණ්ඩලය මඟින් ඉදිරිපත් කළ ඇස්තමේන්තු මුදල සාකච්ඡා කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 71ක් දක්වා අඩුකර ගත් බවත් , එම මුදල රජය විසින් දරන බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර තිබේ .