අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළේ දිවයිනේ කිසිදු ස්ථානයකින් ගෑස් ටැංකි පුපුරා ගොස් ඇති බවට වාර්තා වී නොමැති බවයි.
එමෙන් ම ඔහු මෙහි දී අභියෝගයක් ද සිදුකළ අතර ඔහු ප්‍රකාශ කළේ ගෑස් ළිප හැර ගෑස් ටැංකියක් පුපුරාගිය අවස්ථාවක් පෙන්වා දෙන ලෙසයි.
ගෑස් ටැංකියේ හෝ ගෑස් සංයුතියේ ගැටලුවක් නොවන බවත් එය ගෑස් ළිප් තුළ පවත්නා ගැටලුවක් බවත් ඔහු මෙහි දී අවධාරණය කර ඇත.
එසේ ම ඔහු පවසන්නේ ගෑස් ටැංකි සහ ගෑස් සංයුති පරීක්ෂා කරන අතරවාරයේ ගෑස් ළිප් පිළිබඳව ද සොයා බැලිය යුතු බවයි.