වර්තමාන දියවඩන නිලමේවරයාගේ වැරදිවලට එරෙහිව ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ හිමිවරුන් අතීතයේත් වර්තමානයේත් හඬ නගමින් සිටී. ඒ අතර යම් කාලයක යම් දේශපාලන බලවේගයන් ආරෝපණය කරගෙන සිටි සමහර හිමි වරුන්ද ඔහුට එරෙහිව කතා කල නමුත් ඒවා තාවකාලිකව දැමු මාධ්‍ය සංදර්ශන බව මේවනවිට පැහැදිලිව තිබේ.
සැබෑ හිමිවරු නමුත් බෞද්ධ හිමිවරු කවුරුන්ද යන්න අපගේ බුදු දහම මැනවින් උගන්වයි. බුදු දහමට අනුව ආගමික වතාවත්වල නොදෙන නාමික භික්ෂූන් ශ්‍රී ලංකාව තුල සිය ගණනක් සිටිති. ඒ අතර එසේ බුදු මග නොගොස් රටේ උන්නතිය වෙනුවෙන් තම භික්ෂුත්වය භාවිතා කරන ඉතාම වටිනා භික්ෂූන් වහන්සේලා ද සිටිති. බුදුන් දෙසු සැබෑ මග යෑම යම්තාක්දුරට මග හැරියත් උන්වහන්සේලා රට වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටුකරමින් සිටි. ඒ අතර සමහර හිමිවරු බුද්ධ චීවරය දරාගෙන බුද්ධ චීවරය තුලින් ගොඩනගාගත් බලය බෞද්ධ ආගමත්, රටේ පැවැත්මත් විනාශ කරමින් සිටි.
අස්ගිරි හා මල්වතු යනු රටේ ප්‍රධානතම පන්සල් දෙකයි. මෙම පන්සල් දෙකේ වැඩසිටිනා නායක හිමි වරුන්ගේ චරිතාපදානය පිලිබඳව ලිවීමට අප වෙහෙස නොවෙමු. නමුත් සිහල බෞද්ධ සමාජය තුල උන්වහන්සේලා දැඩි විවේචනයට ලක්ව තිබේ. මෙරට බෞද්ධ හිමිවරු අවස්ථා ගණනාවකදී මල්වතු හා අස්ගිරි මහා විහාරවල මහා නා හිමිවරුන් ගැන ද දැඩි විවේචන එල්ල කරන ලදී.
එවන් පසුබිමක් තුල බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාර කරු සහ ඔහුගේ සට්ටැබි රාළලා බෞද්ධ ආගමට දැඩි හානියක් සිදු කොට තිබේ. ඒවාට එරෙහිව තම හඬ අවදි කරන්නට මෙරට මහනායක හිමි වරුන්ට තවමත් නොහැකිව තිබේ. නමුත් දියවඩන නිලමේවරයා සිදුකොට තිබෙන යම් මුල්‍ය වංචාවක් පිලිබඳව මුල්‍ය අපරාධ ඒකකයට කැඳවීමේදී එයට එරෙහිව මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට මහනායක හිමිවරු කටයුතු කළේය. ඔහු කල වරදට එරෙහිව පරීක්ෂණ කරන නිලධාරීන්ට එය යම් තැති ගැම්මක් ඇති කළේය. බුදුරජානන් වහන්සේ දේශනාකර තිබෙන්නේ රටේ පවතින නීතියට අනුව ජීවත් විය යුතු බවයි. එය සංඝ පරපුරටද පොදුය.
රටපුරා “පත්තිරිප්පු” තිබියදී කුරුණෑගල පත්තිරිප්පුවක් කඩා දමන තැනට මාද්‍ය නිවේදන නිකුත් කලේද මහනායක හිමිවරුන්මය. එයට දියවඩන නිලමේ වරයාද හවුල්ය. රටේ හතර දිග්භාගයේ පත්තිරිප්පු තිබේ. එකී නොකී බොහෝ කටයුතු තුලින් රටේ පවතින ප්‍රධාන පෙලේ පන්සල්වලින්ම සැබෑ බෞද්ධ උරුමයට හානි සිදුවීම කනගාටු දායකය. බුදු මග නොයන නමුත්, තම ආගමට ආදරය කරනා බෞද්ධ පිරිස් මෙවැනි කටයුතු සැමදා ඉවසන්නේ නැති බව සමාජ මාද්‍ය පරිශීලනයේදී ඉතාම හොදින් දැක ගත හැකිය.
විවිධ හිමිවරු වර්තමාන නිලමේවරයාට විරුද්ධව පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලීම් කලත් රාජ්‍ය අංශය දිගින් දිගටම නිහඬ පිළිවෙතක සිටින අතර තුර අස්ගිරි පාර්ශවයේ වයඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ඉල්ලා සිටියේය. එසේ පරීක්ෂණයක් ඉල්ලුවායයි උන්වහන්සේට එරෙහිව අද (15) පස්වරු 02.00 ට අස්ගිරි සංඝ සභාව පරීක්ෂණයක් පැවැත්වීමට සුදානම්ව සිටි. ඒ එම හිමිට එරෙහිවයි. ඒ සඳහා මල්වතු පාර්ශවයද සහභාගිවන බවටද යම් යම් තොරතුරු ලැබී තිබේ. එම පරීක්ෂණය පැවැත්වෙන්නේ දියවඩන නිලමේවරයාගේ ඉල්ලීම පරිදි බව සඳහන්. ඒ අනුව අද (15) පස්වරු 02.00 ට උන්වහන්සේ අස්ගිරි පාර්ශවයේ මහා සංඝ සභාවට කැඳවා එම පරීක්ෂණය ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
එහිදී සිදුවීමට නියමිතව ඇත්තේ මිගෙට්ටුවත්තේ හිමිට බලපෑම් කර ජනාධිපතිවරයා වෙත උන්වහන්සේ යොමු කර තිබෙන ලිපිය ඉල්ලා අස්කර ගන්නා ලෙස තවත් ලිපියක් බලෙන් අත්සන් කර ගැනීමටය. මෙහිදී අස්ගිරි විහාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙහිදී උන්වහන්සේට දැඩි බලපෑමක් එල්ල කිරීමට කටයුතු සිදුවීමට නියමිත බවයි.
සංඝ සභාව ප්‍රබල නමුත් බෞද්ධ ආගම නොදන්නා ව්‍යාපාරික භික්ෂුන් විසින් මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමිට එරෙහිව විවිධ තර්ජන කර තිබේ. ඒ දියවඩන නිලමේ වරයාට එරෙහිව සිදුකොට තිබෙන එම පැමිණිල්ල ඉවත් කර ගන්නා ලෙසටය.
රටේ රජුන් නිර්මාණය කොට තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය. බෞද්ධ ආගමට එහි මුල් තැන ලබාදී තිබේ. රටේ පවතින නීතියට අනුව බෞද්ධ භික්ෂුන් කටයුතු නොකලයුතු බවට වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල සඳහන්ව නැත. තම ආගම විනාශ කිරීට යමෙක් යම් කටයුත්තක් සිදු කරයිද, එයට එරෙහිව කටයුතු කිරීමට ඕනෑම පුරවැසියකුට අයිතියක් තිබේ. බෞද්ධ හෝ නාමික බෞද්ධ මෙන්ම චීවරය දරාගෙන සිටින බුදු දහම වනසන මුදලාලිලාටද රටේ නීතිය පොදුය.
ඒ අනුව මල්වතු හා අස්ගිරි මහා සංඝ සභා බුදුන් වහන්සේගේ ධර්මය වනසා උන්වහන්සේගේ දේශනාවේ සඳහන් නොවන හිට්ලර් ක්‍රමයට වැඩ නොකල යුතුය. මෙරට බෞද්ධ ජනතාව ලක්ෂ ගණනාවක් මේවන විට මෙම ප්‍රධාන නායක හිමිවරුන් ප්‍රතික්ෂේප කරයි. බෞද්ධ හිමිවරුද එසේමය. එබැවින් පුරවැසි අයිතිවාසිකම්වලට එරෙහිව නාමික භික්ෂු ක්‍රමය භාවිතා නොකළ යුතුය. එය බෞද්ධ දර්ශනය තුල සදහන් නොවේ. එහි බරපතල කම පිලිබඳව මේවන විටත් විවිධ වාර්තාවලින් පෙන්වාදී තිබේ. ඒ අනුව මහාවිහාරවල නායක හිමිවරුන්ගේ ක්‍රියාවට එරෙහිව මහාවිහාරවාසී ඉතා වැදගත් විනයගරුක භික්ෂූන් වහන්සේලා පවා දැඩි කලකිරීමකට පත්ව සිටී. උන්වහන්සේලාගේ ක්‍රියාකලාපයන් මේවනවිට බාහිර සමාජයට පවා නිරාවරණය වී තිබේ.
2025 පවතින දියවඩන නිළමේ නිලවරණය දැඩි පිළිකුල් සහගත නිලවරණයක් බවට පත්වනු ඇත . එයට වර්තමාන දියවඩන නිලමේ වරයාගේ මුදල් බලය නොහොත් ඔහුගේ “සල්ලි අච්චු ගහන මැසිම” නැවතත් දියවඩන නිලමේවරයා බවට ඔහු පත්කරනු ඇත .එසේ වීමම ෛඑතිහාසික කන්ද උඩරට පමණක් නොව සමස්ත බෞද්ධ හදවත් වල වේදනාවන් ලේ වලින් ලියවී යාමට අවශ්‍ය කටයුතු සිදුවන බවටද තොරතුරු අප වෙත ලැබී තිබේ. ඒ අනුව වර්තමාන දියවඩන නිලමේවරයා නිලවරණයට ඉදිරිපත්වීම හෝ ඔහු ජයග්‍රහණය ලැබීම මහා ඛේදවාචකයක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැන්නු අරගලයට වඩා දැවැන්ත අරගලයක් මල්වතු අස්ගිරි හිමිවරුන් දෙසටත් දියවඩන නිලමේවරයා දෙසටත් යොමුකිරීමට අවශ්‍ය කටයුතු මෙරට බෞද්ධ හිමිවරු විසින්ම මේ වන විටත් සංවිධානය කරමින් සිටී.
තවද මීට පෙරද මෙම සංඝ සභාවේදී විවිධ වැරදි පිලිබඳව හඩනැගූ භික්ෂුන් වහන්සේලාට වස පොවා මරණයට පත්කොට තිබේ. මහනුවර මැද පන්සල නම් ස්ථානයක දුෂණය කර මරා වැසිකිලිවලකට දැමු ගැහැණු ළමයකුගේ සිද්දියක් පිලිබඳව හඩනැගූ හිමිනමක්ද මෙසේ සංඝ සභාවට කැඳවා ඇති අතර උන්වහන්සේට වස පොවා අපවත් කොට තිබේ. නමුත් එවකට පොලිසිය මේ සියල්ලම යටපත් කොට දමා උන්වන්සේගේ දේහය දවා තිබේ. එසේ කර තිබෙන්නේද පාර්ශව ගණනාවකගේ විරෝදය මැදය. (වර්තමාන දියවඩන නිලමේවරයාගේ සමයේ නොවේ.)
ඒඅනුව අද සිට ඉදිරියට මිගෙට්ටුවත්තේ හිමිනමගේද ජීවිතයටද අනතුරට ලක්වීමේ සම්භාවිතාවය වැඩිය. රටේ පවතින නීතියට අනුව කටයුතු කල හිමිනමකට එරෙහිව කටයුතු කිරීමට බුදුන් දෙසු දහම තුල ඉගැන්වීමක් නැත. මෙම සිදුවීම තුලින් තවදුරටත් සිදු වන්නේ මෙම පාර්ශවයන්වලට එරෙහිව තිබෙන මහජන අප්‍රසාදය වැඩිවීම පමණි. එසේම භික්ෂුන් වහන්සේලා විසින්ම තවදුරටත් ඔහුන්ට එරෙහිව නැගීසිටීමට අවශ්‍ය කටයුතු සංවිධානය වීමද සිදුවේ.
ඒ අනුව රටේ මහජනතාව වර්තමාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඔහු හෝ මෙම දුෂිත පුද්ගලයන්ට එරෙහිව කටයුතු කල යුතු බවයි. එසේ වුවා යයි කිසිම අවස්තාවක ජනාධිපතිට එරෙහිව මෙරට ජනතාව හෝ භික්ෂූන් වහන්සේ මහපාරට නොබසින බව ද පැහැදිලිය.