සියලු දිස්ත්‍රික්කවල සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙන අතර අදාළ සාකච්ඡාව මේ වන විට මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වෙන බව වාර්තා වේ .
නව මැතිවරණ කොමිසම පත්වීමෙන් පසුව සහකාර සහ නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිෂන් සභාවට කැඳවූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ .
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණවල දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙනුත් , කොමිසමේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙනුත්
මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.