ඉන්දියන් බිත්තර සතොස වෙළඳසැල්වල අලෙවි කිරීමට පියවර ගැනීමත් සමඟ මෙරට බිත්තර මිල ගණන් අඩු වෙමින් පවතින බව හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ ඉන්දියන් බිත්තර රුපියල් 35 බැඟින් සතොස වෙළඳසැල්වල අලෙවි කිරීමට පියවර ගැනීමත් සමඟ හැටන් නගරයේ ලංකා බිත්තරයක මිල ද රුපියල් 44 ත් 45 ත් අතර මිලකට අලෙවි වන බවයි.
ඉන්දියන් බිත්තර ඒමට පෙර මෙම ප්‍රදේශයේ බිත්තරයක මිල රුපියල් 60 ත් 65 ත් අතර ඉහළ මිලකට අලෙවි වූවත් , මේ වන විට එම බිත්තර මිල මෙසේ අඩු වී ඇති බවත් , ඉන්දියන් බිත්තර සතොස මඟින් අලෙවි කිරීමට පියවර ගෙන බිත්තර ඒකාධිකාරිය බිඳ දැමීමට පියවර ගැනීම පිළිබඳව රජයට ස්තූතිය පුද කළ යුතු බවත් එම පිරිස් සඳහන් කර තිබේ .