වර්තමානය වන වට සමාජ මාධ්‍ය මුහුණ දී ඇති ප්‍රබල ගැටලුකාරී තත්ත්වයක් වන්නේ ව්‍යාජ ගිණුම් භාවිත කරමින් ව්‍යාජ පුවත් සමාජගත කිරීමට උත්සහ දැරීමයි.
ඊට පිළියම් ලෙස ෆේස්බුක්හි හිමිකාරිත්වය දරන “මෙටා ෆ්ලට්ෆොර්ම්ස්” විසින් චීනයේ ක්‍රියාත්මක වූ බව පවසන ව්‍යාජ ගිණුම් 500ක් අනුව අක්‍රිය කිරීමට කටයුතු කර ඇත.
මෙම ව්‍යාජ ගිණුම් යොදාගනිමින් එම පුද්ගලයන් කොවිඩ් ආරම්භය පිළිබඳව සිදුකරන පරීක්ෂණ සම්බන්ධ අසත්‍ය පුවත් පතුරුවා ඇති බවට අනාවරණය වී ඇත.
ස්විස් ජාතික ජීව විද්‍යාඥයෙකු ලෙස හඳුන්වා තිබු විල්සන් එඩ්වර්ඩ්ස් නමැති ව්‍යාජ පුද්ගල නාමයකින් සකසන ලද ගිණුමක් තිබී ඇති අතර එමගින් ප්‍රචාරය කරන ලද අසත්‍ය පුවත් චීන මාධ්‍ය ඔස්සේ ද ප්‍රචලිත කර ඇති බව ද වාර්තා වේ.