ශ්රී ලංකාවේ තත්ත්වය නරක අතට හැරෙන්නට ප්රබලම හේතුව ශ්රී ලංකා මහ බැංකුව විසින් ආර්ථිකයට සහය ලබාදීමට හැකියාවක් නොමැතිවීම බව ඝානා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි නායකයා වන ඔසෙයි ක්යෙයි-මෙනාෂ් බොන්සු ප්රකාශ කර තිබෙන බව වාර්තා වේ .
ඔහු මේ සම්බන්ධයෙන් තවදුරටත් ප්රකාශ කර ඇත්තේ ශ්රී ලංකා ආර්ථිකය අර්බුදයකට ගොදුරු වී ඇති නමුත්, ඊට සහායවීමට මහ බැංකුවට නොහැකි වීම නිසා රටේ තත්ත්වය නරක අතට හැරී ඇති බවත්, යථා තත්ත්වයට පත්වීමට තවම නොහැකි වී ඇති බවත් ය.
රට යම් දුෂ්කරතාවලට මුහුණදෙන විට මහ බැංකුව ඒ සඳහා මැදිහත් විය යුතු බවත් , මහ බැංකුව විසින් ගොඩනගා ඇති විදේශ සංචිත නොවන්නේ නම් රටකට දුක්විඳීමට සිදුවන බවත් ඔහු ප්රකාශ කර තිබේ .
එමෙන්ම ඝානා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි නායකයා වන ඔසෙයි ක්යෙයි-මෙනාෂ් බොන්සු වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ රටක මහ බැංකුවක් දේශපාලනීකරණය කිරීම රටට උචින නොවන බවයි.
සිය රටේ මහ බැංකුව පිළිබඳ අදහස් පළකිරිමකදී ඝානා නායකයා මෙලෙස ශ්රී ලංකාව උදාහරණයට ගෙන තිබෙන බව වාර්තා වේ.