මාස 6ක කාලයක් සඳහා මෙගාවොට් 100ක විදුලියක් මිලදී ගැනීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලය වෙත අද (17) අනුමැතිය ලබාදී තිබෙන බව වාර්තා වේ .
ඒ 2009 අංක 20 දරන ශ්රී ලංකා විදුලිබල පනතේ 43 වන වගන්තිය යටතේයි.
ඒ අනුව ප්රධාන කොන්දේසි 3ක් යටතේ 2023 අගෝස්තු මස 18 වනදා සිට මාස 6ක කාලයක් සඳහා පමණක් විදුලිය මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාදී තිබෙන අතර එම කොන්දේසි පහතින් ,
- කුසලතා පදනම මත අදාළ විදුලි මිලදී ගැනීම සිදුකළ යුතු අතර විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් කාලය අවසානයේදී එම මිලදී ගැනීම පිළිබඳ ස්වාධීන විගණනයක් සිදුකළ යුතුය.
- කොත්මලේ පොල්පිටිය 220 kv රැහැන 2024 අගෝස්තු 31ට පෙර සක්රීය කළ යුතුය.
- අවම පිරිවැය මත පදනම්ව මෙම විදුලිය මිලදී ගැනීම සිදුකළ යුතුය.