ශ්රී ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් පෙන්වාදී ඇත්තේ මෙරට ඉන්ධන වෙළෙඳාමට අලුතින් සමාගම් එක්වීමත් සමග ඇතිවී තිබෙන තරගකාරීත්වයත් මත තෙල් සංස්ථාවේ අනුමැතියක් නොමැතිව අලුතින් ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට පටන්ගෙන ඇති බවයි.
ඒ අනුව මේ වනවිටත් එක්තරා සමාගමක් විසින් කඩුවෙල ප්රදේශයේ තෙල් සංස්ථාවේ කිසිදු අවසරක් නොගෙන ඉන්ධන පිරවුම්හලක් ඉදිකරන බවයි එම සංගමය පවසා ඇත්තේ.
මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් ඛනිජ තෙල් සංස්ථා තෙල් තොග ගබඩා පර්යන්ත සභාපති මොහොමඩ් මහතාගෙන් විමසා තිබෙන අතර සභාපතිවරයා ලිඛිතව දැනුම් දී ඇත්තේ එවැනි පිරවුම්හලකට තම සංස්ථාව විසින් අවසර ලබාගෙන නොමැති බවයි.
ඒ අනුව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් තීරණය කර ඇත්තේ මෙලෙස අනවසරයෙන් ඉදිකරනු ලබන පිරවුම්හලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.