ජනපති ගෝඨාභය රාපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ඉන්දීය සාගර කලාපය තුළ මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන් ම ත්‍රස්තවාදී ඇතුළු සාපරාධි ක්‍රියාකාරකම් ගණනාවක් සිදුවන ඇති බවයි.
ජනපති මෙම අදහස් දක්වන ලද්දේ 05 වන ඉන්දීය සාගර සමුළුව සමග එක්වෙමිනි.
ඒ අනුව ජනපති සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම එම සාගර කලාපීය රටවලට මේ වන විට මහත් ගැටලුවක් ව ඇති අතර එය පාලනය කළ හැක්කේ බුද්ධි අංශ ,වෙරළාරක්ෂක සහ කලාපීය රටවල නාවික හමුදා අතර මනා සම්බන්ධීකරණයෙන් බවයි.
එමෙන් ම මෙම සාගර කලාපයේ සිදුවන මිනිස් ජාවාරම් ද මැඩලීම සඳහා ඒහා සමාන සම්බන්ධීකරණයක් සහ සහයෝගීතාවයක් පැවතිය යුතු බව ද ජනපති මෙහි දී පෙන්වා දුනි.