අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණවලට අදාළව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය ලිහිල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට මින් ඉදිරියට එම ප්‍රශ්න පත්‍රය සකස් කිරීමට නියමිතව ඇත්තේ විෂය කරුණුවලට ප්‍රමුඛතාව ලබා දීමකින් තොරව සංඛ්‍යා හා අක්ෂර පිළිබඳ දැනුමට වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙමිනි.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර ඇත්තේ ලිවීමේ හා කියවීමේ හැකියාවට ප්‍රමුඛතාව ලබා දිය යුතුය යන්න විද්වතුන්ගේ අදහස වී තිබෙන බවත් , පරිසරය වැනි විෂයයන්ට අදාළ කරුණු තරමකින් ඇතුළත් කිරීමට හැකි වන බවත් , දැනට සකස් කෙරෙන ප්‍රශ්න පත්‍රය දරුවන්ට බර වැඩි හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් ය.
එමෙන්ම අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ දැනට පවතින තත්ත්වය යටතේ දරුවන්ගේ දක්ෂතා සමබරව මැනෙන තත්ත්වයක් දක්නට නොමැති බවත් , මේ වන විට ක්‍රියාත්මකව පවතින තත්ත්වය යටතේ දරුවන්ගේ මනස විකෘති වන බවත් ය.