අද (21) උදෑසන ගාලුපාරේ පානදුර නගර ප්රදේශයේදී පදික මාරුවෙන් මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවක් රිය අනතුරකින් මිය ගොස් ඇති බව වාර්තාවේ.
මියගොස් ඇති කාන්තාව පානදුර අධිකරණයේ සුළු සේවිකාවක් බව සදහන්වන අතර අනතුරට පත්කර ඇති වාහනය පළාගොස් ඇති බව පොලිසිය සදහන් කර ඇත.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ක් වන පානදුර, බෙක්කේගම ප්රදේශයේ පදිංචිව සිටි තුඩුගලගේ ස්වර්ණා හේමමාලා නමැති කාන්තාවක් බව සදහන්වේ.
අනතුර සිදුකල වාහනය සොයා මෙහෙයුමක් දියත් කර ඇතැයි පොලීසිය පවසයි.