පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකු උස්සා පොළවේ ගසා මරා දැමීමේ සිද්ධියක් වවුනියාව, පූන්තෝට්ටම් හි තැබෑරුමක් තුලදී සිදුව ඇති බව වාර්තාවේ.
වවුනියාව පොලිසිය විසින් එම ඝාතනයට සම්බන්ධ පුද්ගලයා සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
මෙලෙස තැබෑරුමක් තුල මියගොස් ඇත්තේ වවුනියාව මහරම්බකුලම පදිංචිව සිටි තංගරාසා දීපන් නැමති 36 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය අය හා සැකකරු අතර තැබෑරුම තුලදී ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ගැටුම ආරම්භවී ඇති අතර සැකකරු අදාල පුද්ගලයා දෙවරක් උස්සා පොළවෙගසා ඇති බවයි පොලිසිය පවසා ඇත්තේ.
මියගිය පුද්ගලයා එම ස්ථානයේදී පහර කෑමෙන් පසුව සිහිසුන්ව වැටී ඇති අතර තැබෑරුමේ සේවකයින් විසින් තුවාලකරු වවුනියාව මහ රෝහල වෙත ඇතුලත් කොට ඇති අතර එහිදී මියගොස් ඇති බවයි පොලිසිය පවසා ඇත්තේ.