ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියයෑමට හේතුව අනාවරණය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කර තිබේ.
වාර්තා වන ආකාරයට මෙම මරණයන් සඳහා හේතු වී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් බවට අනාවරණය වී තිබේ.
එමෙන්ම මෙම රෝගී ලක්ෂණ සහිත තවත් රැඳවියන් 7 දෙනෙක් බන්ධනාගාර රෝහලේ රඳවා සිටින බවත් , එම පුද්ගලයින්ට උණ සහ සමේ ආසාදිත තත්ත්වයක් පෙන්නුම් කරන බවට වාර්තා වී ඇති බවත් ඒකනායක මහතා සඳහන් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.