රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා කින්නියා වර්ගයේ ගවයකු මස් පිණිස විකිණීමට කොන්ත්රාත්තුවක් ලබාදුන් පුද්ගලයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
මෙලෙස මස් පිණිස අලෙවිකොට ඇත්තේ ඇත්තේ තිරික්කල් රේස් තරගවල යොදවන ගවයකු බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ප්රකාශ කර තිබේ.
ඉතා හොදින් වැඩී ඇති මෙම සත්වයා රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා අතර අලෙවි කර ඇත්තේ රුපියල් එක්ලක්ෂ අසූපන් දහසකට බවද පොලිසිය පවයි.
පැමිණිලි කරු හා චෝදනා ලබන ප්රධාන සැකකරු මුදල් ඔට්ටුවට තිරික්කල් රේස් සදහා සහභාගී වන මිතුරන් දෙදෙනකු වන අතර කොන්ත්රාත්තුව දී ඝාතනය කර ඇති ගවයා පසුගිය දිනවල පැවතී සියලුම තිරික්කල් රේස් තරග වලින් ජයගෙන ඇති බව සදහන් වේ.
එම ජයග්රහණ හමුවේ වෛරයෙන් සිටි සැකකරු දෙවන සැකකරුට කොන්ත්රාත්තුවක් ලබාදී එම දක්ෂ ගවයා මස් පිණිස කළුතර ප්රදේශයේ ගව ඝාතකාගාරයක් වෙත අලෙවි කර තිබූ බව පොලිසිය පවසා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරගම සහ අටුළුගම ප්රදේශ වල පදිංචි වයස අවුරුදු 40 සහ 25 වන පුද්ගලයන් දෙදෙනෙකු බව වාර්තාවේ.