වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සඳහා මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ බූස්ටර් එන්නත් මාත්රාවක් වශයෙන් ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර ඇත.
මේ අනුව හෙට (09) සිට 30ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ වේ.
කොළඹ නගරයේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සඳහා ෙහට (09) දිනයේ මෙම බූස්ටර් එන්නත ලබා දීමට නියමිතව ඇත.