අද (25) දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අලුතින් ඉදිකිරීම් සිදු කරන කොටසේ වැලි අතර තිබී හදුනාගැනීමට අපහසූ උණ්ඩයක projectile කොටසක් හමුවී ඇති බව වාර්තා වේ .
අනතුරුව මේ පිළිබඳව වරාය ආරක්ෂක අංශය විසින් නාවික හමුදා කඳවුර හා කොළඹ වරාය පොලීසිය දැනුවත් කර ඇති අතර නාවික හමුදා බෝම්බ නිෂ්ක්රිය අංශයේ නිලධාරීන් පැමිණ එහි පරික්ෂණ කටයුතු සිදුකරනු ලබයි.