පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය තවදුරටත් සිදු කළ හැක්කේ සති 4ක පමණ කෙටි කාලයකට පමණක් බැවින් ලංකා විදුලි බල මණ්ඩලය අනතුරු අගවා ඇති බව වාර්තා වේ.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ,ජල විදුලි නිෂ්පාදනය සියයට 15 දක්වා පහත වැටී ඇති බවයි.
සමනළ වැව ජලාශයේ ජල ධාරිතාව සියයට 1 දක්වාත් කාසල්රි ජලාශයේ ජල ධාරිතාව සියයට 28 දක්වාත් ,මාවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාවය සියයට 35 දක්වාත් වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව සියයට 25 දක්වාත් මේ සති අන්තය වන විට පහළ බැස ඇති බව සඳහන්.
ඒ අනුව ජල විදුලිය තවදුරටත් නිපදවිය හැකි වන්නේ ගිගාවොට් පැය 300කි.
මේ වන විට තාප බලාගාරවලින් සියයට 65ක ධාරිතාවක් දක්වා විදුලි නිෂ්පාදනය ඉහළ නංවා ඇති අතර ‘සෝලා’ සහ සුළං බලාගාරයන්ගෙන් සියයට 11ක පමණ විදුලි නිෂ්පාදන ධාරිතාවක් ලබා ගනී.