ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පුද්ගලික ට්වීටර් ගිණුමට අනවසර ප්‍රවේශයක් සිදුව ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද (12) අලුයම එම ගිණුම හරහා ක්‍රිප්ටො කරන්සි නමැති මුදල් ඒකකයක් පිළිබඳ පණිවිඩයක් එම ගිණුම හරහා මුදාහැර ඇති බවයි.
කෙසේ නමුත් මේ වන විට අදාළ ට්වීටර් ගිණුම යථා තත්ත්වයට පත්කර ආරක්ෂාව තහවුරු කර ඇති බව වාර්තා වේ.
එමෙන් ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ගිණුම පාලනයෙන් ගිලිහී තිබූ අවස්ථාවේ දී ඒ හරහා නිකුත් කරන ලද ට්වීටර් පණිවිඩ නොසලකා හරින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් සිටින බවයි.