විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කරන්නේ කොවිඩ් මර්දන තෙවන මාත්‍රාව ලබා ගැනීඹ තුළින් ශරීරයේ කොවිඩ් රෝග ලක්ෂණවලට සමාන තත්ත්වයක් ඇතිවය හැකි බවට බියක් ඇතිකර නොගත යුතු බවයි.
එමෙන් ම බූස්ටර් එන්නත ලබා දින 03ක් පමණ ගතවන තුරු උණ සහ ශරීරයට තෙහෙට්ටුබව වැනි රෝග ලක්ෂණ ඇතිවීම සාමාන්‍ය බව ද ඇය මෙහි දී පෙන්වා දී ඇත.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ එවැනි රෝග ලක්ෂණ ඇතිවුවහොත් හැකිතාක් දියර වර්ග පානය කළ යුතු බවත් පැරිසිටමෝල් වැනි වේදනා නාශක නියමිත මාත්‍රාවට ගතයුතු බවත් ය.