හලාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේ සත්ත්ව බිලි පූජාව මෙවරත් නොපැවැත්වීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙන බව වාර්තා වේ.
මේ සඳහා හලාවත ප්‍රාදේශීය සභාවෙන් අවසර ලැබී නොමැති අතර නිකිණි පොහෝ දිනට පසුදින භද්‍රකාලී දේවාලයේ මංගල්‍ය පැවැත්වීමට සැලසුම් කර ඇති නමුත් සත්ත්ව බිලි පූජාව පැවැත්වීමට අවසර දෙන ලෙස ඉල්ලමින් දේවාල භාරකරුවන් විසින් මේ වන විට හලාවත දිසා අධිකරණයේ නඩුවක් ද පවරා තිබේ.