කොවිඩ් මර්දන එන්නත් ක්‍රියාවලිය නිරෝගිමත් සහ සෞඛ්යාරක්ෂිත පරපුරක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි.
කොවිඩ් මර්දන තෙවන මාත්‍රාවක් වශයෙන් මෙලෙස වර්ධක මාත්‍රාවක් ලබා දෙනුයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇතිව වන බවත් ඔහු මෙහි දී පෙන්වා දී ඇත.
කොවිඩ් මර්දන තෙවැනි මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ මේ වන විට සමාජය තුළ බොහෝ පිරිස් විසින් විවිධ මත පළකරන බවත් ,එවැනි බොහෝ මතයන් සාවද්‍ය වන බවත් ය.
මෙම වසංගත තත්ත්වය තවමත් ලෝකයේ සියලුම රටවල්වලට අලුත් අත්දැකීමක් වන බවත් ,තවමත් වෛරසය පිළිබඳ විවිධ පර්යේෂණ සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.