මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (30) රාත්‍රියේ වීථී සංචාරය කෙරුණි. අලි ඇතුන් ඇතුළු සංස්කෘතික නර්තනාංග රැසකින් සමන්විත පෙරහැර මංගල්‍ය දැක බලා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් විශාල ජනතාවක් එක්ව සිටියහ.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දෙස් විදෙස් තානාපතිවරුන් රැසක් ද අවසන් රන්දෝලී පෙරහැර නැරඹීම සඳහා එක්ව සිටියහ.
ඇසළ පෙරහැර මංගල්‍යයේ දියකැපීමේ චාරිත්‍රය මේ වන විට මහවැලි නදියේ ගැටඹේ තොටේ දී සිදු කරනු ලබන අතර දියේ කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව සිව්මහා දේවාල පෙරහැර මහනුවර ඝණදෙවි කෝවිලට පැමිණ ආගමික වතාවත් සිදු කරනු ලබයි. ඉන් අනතුරුව අද (31) දහවල් පෙරහැර සඳහා එකතුවීමට නියමිතව තිබේ.