මේ දිනවල දිවයිනේ විවිධ ප්රදේශ වලට දැඩි වර්ෂාපතනයක් පතිත වෙයි. ඒ අතර කදුකර පෙදෙස් වලට නායයෑම් තර්ජනද බහුලව දක්නට තිබේ. රත්නපුර දිස්ත්රික්කයටද දැඩි වර්ෂාපතනයක් ලැබෙන අතර රත්නපුර වැලිගෙපොල ප්රදේශයේ බලන්ගොඩ – ඇඹිළිපිටිය ප්රධාන මාර්ගයේ පිටකන්ද ප්රදේශයද මාර්ගය ආසන්නයට පස් කන්දක්ද කඩා වැටි තිබිණි. එම ප්රදේශයේ මාර්ගය මේ වන විටත් ඉරි තලා ගොස් තිබේ.
ඒත් සමගම වැලිගෙපොල හේන්යාය මාර්ගයටද විශාල ගල් පර්වත වැටි තිබිණි. ඒ අතරම එම ප්රදේශයේම නිවසක් අසලට පස් කන්දක් කඩා වැටී තිබේ. එය ටිකෙන් ටික ඇවිත් තිබීමද විශේෂත්වයක් වන අතර එම නිවසේ කොරිඩෝව දක්වාම එම පස් කන්ද පැමිණ තිබේ. එම ප්රදේශයේ බොහෝ නිවාසවලට මේ ගැටලුව තිබෙන බව සදහන් වේ.
එහෙත් මේ වන තෙක්ම වැලිගෙපොල හෝ සබරගමුවේ අදාළ බලධාරීන් ක්රියාත්මක වී නැති අතර වැලිගෙපොලට අදාළ මහජන නියෝජිතයන් හෝ බලදාරීන් මේ ගැන සොයා බැලීමක් කර නැත. කෙසේ හෝ මේ සදහා ඉක්මන් විසදුමක් නොමැති වීමෙන් ජීවිත ගණනාවක් අහිමි විය හැකිය.
එබැවින් සබරගමුව පළාත් ආණ්ඩුකාර තුමනි, රත්නපුර දිස්ත්රික් ලේකම්තුමියනි, වැලිගෙපොල ප්රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්රීවරුනි , ප්රාදේශීය ලේකම් තුමනි , මේ ගැන වහාම සොයා බලා මේ මිනිසුන් වෙනුවෙන් යම් සහනයක් ලබා දෙන ලෙස අපද ඉල්ලා සිටිමු. යමක් වුවාට පසුව ක්රියාත්මක වීමෙන් පලක් නොවේ.