මේ වනවිට දිවයිනේ ඇතැම් ප්‍රදේශවල තැනින් තැනට වර්ෂාපතනය ලැබුණත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශවල ජල ධාරිතාව මෙතෙක් වැඩිවීමක් සිදුවී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි ජල ධාරිතාව අක්කර අඩි ලක්ෂ 8 ක් පමණ බවත් , එය ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් ජලාශවල පැවතිය යුතු ජල ධාරිතාවෙන් 27% ක් බවත් එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ , ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඇය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ වසර ගණනාවක ජලාශවල ජල ධාරිතාවේ වෙනස් වීම අධ්‍යයනය කිරීමක් මේ වනවිට සිදු කර ඇති බවත් , මේ දිනවල පැවතිය යුතු ජල ධාරිතාවේ සාමාන්‍යයට වඩා 3% ක අඩු ජල ධාරිතාවක් දැනට ජලාශවල පවතින බවත් ය.