පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව කළුතර දිස්ත්රික්කයේ මතුගම, බුලත්සිංහල සහ ඉංගිරිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් , කෑගල්ල දිස්ත්රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට සහ රුවන්වැල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් , අද (01) රාත්රී 8.00 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බව එම සංවිධානය ප්රකාශ කර තිබේ.
එමෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ ඇහැලියගොඩ සහ කුරුවිට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ජීවත්වන වන ජනතාවද නායයෑම්, ගල් පෙරළීම්, පස්කණ්ඩි කඩාවැටීම් සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව එම සංවිධානය වැඩි දුරටත් සඳහන් කර තිබේ.