හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 05 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙන බව වාර්තා වේ.
පසුගිය ජනාධිපතිවරණය සමයේ සුදුවෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන යාම, කොල්ලකෑම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා හිටපු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබිණි.