විදෙස් රැකියාවකට යාමට නොහැකි වීම හේතුවෙන් සිත්තැවුලට පත් වූ තරුණයෙකු කනේරු ඇට කා සියදිවි හානි කරගෙන ඇති පුවතක් මාතලේ ප්රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ හිග්ගොල්ලමාවත ,මාතලේ ලිපිනයේ පදිංචි තරුණයෙකු බවට පොලීසිය පවසයි.
සියදිවි හානි කර ගත් තරුණයා විදෙස්ගත වීමට පුද්ගලයකුට මුදල් ලබා දී ඇති අතර ඔහු එම මුදල් රැගෙන මෙම තරුණයා විදෙස් ගත කර නොමැති වීම හේතුවෙන් සිත්තැවුලට පත් වී තිබෙන බව සදහන්.