යාපනයේ බණ්ඩතරිප්පු ප්රදේශයේ තරුණයෙකු අධික වේගයෙන් පදවා ගෙන ගිය යතුරුපැදියක් යාපනය මනිපායි සන්දිලායි වංගුවේදී දුරකථන කුලුණක ගැටීමෙන් තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව වාර්තා වේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ චිල්ලලෙයි,බණ්ඩතරිප්පු ,කීරියන් වත්තේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.
මියගිය තරුණයාගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා යාපනයේ සංගානෙයි රෝහල වෙත භාරදී ඇති අතර මනිපායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.