කොවිඩ් නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් තිදෙනෙක් අද (16) වාර්තා වුණි.
එම ආසාදිතයින් තිදෙනා පිළිබඳව තවදුරටත් තොරතුරු සොයමින් සිටින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ.
අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ එම ආසාදිතයන් තිදෙනාගෙන් එක් අයෙක් විදේශිකයෙක් වන අතර ඔහු මේ වන විට රටින් පිටව ගොස් ඇති අතර අනෙකා ලංකාවට පැමිණි අයෙක් බවත් තෙවැනි පුද්ගලයා ඔහුගේ ආශ්‍රිතයෙක් බවත් සඳහන් වේ.
මේ වන තෙක් එම ආසාදිතයින් පිළිබද තොරතුරු අනාවරණය වී නොමැති බවත් ගුවන්තොටුපොළින් ලබාගත් සාම්පලවලින් මෙම පුද්ගලයින් දෙදෙනා හඳුනාගෙන ඇති බවත් වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙහි දී ප්‍රකාශ කර ඇත.