ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක පළාත් පාලන ඡන්ද විමසීම නොපවත්වා කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකයන් මතු කරනු ලැබූ මූලික විරෝධතා ඉවතදමා ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාගයට ගැනීම සදහා ඊයේ (04 වැනිදා) අවසර ලබා දුන් බව වාර්තා වේ.
අදාළ පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්නගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ තීන්දුව ලබා දුන් බව වාර්තා වේ.