කළු, ගිං, නිල්වලා යන ගංඟාවල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බවත් , එම ගංඟාවල පහළ ප්‍රදේශවල ජල මට්ටම ද තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ ඊයේ (04) දිනය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවීම හේතුවෙන් එම ගංඟාවල ජල මට්ටම් තවදුරටත් සැලකිය යුතු ලෙස ඉහළයාමක් අපේක්ෂා නොකරන නමුත් ජනතාවට අවධානයෙන් පසුවෙන ලෙසයි.
කෙසේනමුත් ගිං සහ නිල්වලා ගංඟාවල පහළ ප්‍රදේශවල මෙන්ම කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ පහළ ප්‍රදේශවල, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ ප්‍රදේශවල ජල මට්ටම තවමත් ඉහළ අගයක පවතින අතර එම ප්‍රදේශවල සැලකියයුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ ඉඩක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ මෙම ගංඟාවල ජල මට්ටම ඉහළ අගයක පැවතීම හේතුවෙන් ඉදිරි කාලයේ ඉහළ වර්ෂාපතනයක් ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බවයි.